Wednesday, June 15, 2016

අනේ මන්දා



දැක දැකත්
නොදැක මෙන්
යන නුඹත්
අනේ මන්දා
ඒ වෙලත්
නුඹ මත්තෙ
නැහෙන මට
පිස්සුද මන්දා

Wednesday, May 25, 2016

නොකියූ ආදරේ!!!


ඉස්සර මාව පේන්න බැරි ඔයාට
මුණට රවලා ගියා නුබ ගස්සලාම
පස්සේදී කතා බහ කරලා බැලුවාම 
අපිට අපි නැතිව බැරි උනා හැමදාම 

උදේ රැයක් නැතිව හොයල බැලුවාම
හිතේ හටගත්ත සෙනෙහෙ සැමදාම 
නුඹෙන් ලද පෙම  මහා මෙරකි මට
නොකීවාට මා පෙම නුබෙ මුහුනටම

ලැබුවම මේ පෙමට ගෙදරින් තහංචි 
දුකමයි උරුම මට උදේ රෑ දෙකේදී
සිතුවත් කියන්නට මගේ පෙම නුබට ඇති
දුක් වෙයි පසුව නුබ සදහටම දිවී

දුරස් වෙමු කියා කිවත් හැමදාම
නුබ  මට පෙම් කළා නොකියත් මගේ පෙම 
ගෙවුනා වසර දෙක තුන නොදැනීම
සමාවෙන්න නොකීවාට මගේ පෙම 

කිවොත් නුබට මා  සිතෙ ඇති හැමදේම
දිවියම පෙම් කරයි කිසිවක් නොකියාම
බැරි නම් එක්වෙන්න කියා ඇති බියම
නොකිවා සිතේ පෙම නුබට මගෙ හිතවතිය

ඔබටත් ඇතිය ජීවිතයක් ගෙවන්න
සතුටක් නෑ කිසිම මා නිසා හැමදාම
දැන් දැන් ඔබට මා ඇති වී ඇති සේම
කහටක් නෑ මමයි වැරිදි කිවාට 

ඉන්නට සතුටින් සදා දිවි ඇති තෙක්ම
පතනෙමි හැමදාම නුබේ නිති දියුණුවම
නොහැකි මුත් නුබෙන් වෙන් වී සිටින්නට
ඉන්නම් සදා කල් එය මා පැතු නුබේ සතුට

වෙන්නම් සතුටු නුබ දෙස බලාගෙන 
ඉන්නම් සදාකල් ආලෙන් නුබෙන් ලද
නැවැතත් යදිමි සමාව නුබෙන් මම
නොකීවාට මගෙ පෙම නුබට හැමදාම.

Monday, May 23, 2016

මම දැන ගතිමි..



බිඳුණු බඳුනක්
යලි සවි කරන්නට
නොහැකි
බව දැන ගතිමි 
වියැකුණු මලක්  
යලි පණ පොවන්නට 
නොහැකි 
බව දැන ගතිමි 
බිදුණු සිතක් 
යලි එක් කරන්නට 
නොහැකි 
බව දැන ගතිමි 
අහිමි සිතක් 
යලි හිමි කරගන්නට 
නොහැකි 
බව දැන ගතිමි.....

Monday, April 6, 2015

ඇබෑර්තු ඇත..

ගල් ගෙඩියක් මැද
හිරවුනු හදවත
එලියට ගන්න
අන්තිමෙට
මමම දාපු
බෝරවලට
ගලත් එක්කම
කැඩුනු හදවත
එකලස් කරන්නට
හදවත් එකලස්කරන්නියකට
ඇබෑර්තු ඇත...

Friday, March 27, 2015

බලාපොරොත්තුව...


යම්දිනක
කල වැරදි 
නිවැරදි කරන්නට
කාලය 
ඉඩදේවිද අපට 
අවසන් තත්පරයට 
පෙර තත්පරයෙවත්
නිම කරන්නට
ජීවිතය නම්
කෙටි කතාවේ 
අවසානය
කොමාවකින් නොව
නැවතීමේ තිතකින්..





Monday, March 23, 2015

ඇයි අම්මේ...


අහසේ සද දිහා නොබලා 
පුංචි තරු වලට 
විතරක් ආදරෙ කරලා
ආදරේ ගැන, ජීවිතේ ගැන
විතරක් කවි ලියනකොට
දුකක් දැනුනත්, නෝඅඩා
කාටවත් නොකියා
හැමදාම
හිනා වෙලා ඉන්නකොට
ජීවිතෙ දිහා ගොඩක් වෙනස්
විදිහකට බැලුවම
වෙනස් විදියට ජීවත් උනාම 
හැමොම
මට පිස්සු කියන්නේ 
ඇයි අම්මේ..

මා පැතු......


පෑ සිනා කෝ මගේ මුවගේ
එපා වීමසනු දැන් ඇවිත්
මගේ සිනා ගෙන යලි නොයෙන්නට
ගියා මතකද හිනැහෙමින්
ලැබුනද හිත සිතු පතුදේ
එපා විමසනු යලි මගෙන්
මේ ලොවේ මා පැතු එකම දෙය
නුබේ හද පමණක් බැවින්